gossiplanka alexa හිස් කබල පසාරු කරමින් ගොස් තිබුණ යකඩ බටය ඉවත් කළ මහනුවර රෝහලේ විශ්මිත සැත්කම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිස් කබල පසාරු කරමින් ගොස් තිබුණ යකඩ බටය ඉවත් කළ මහනුවර රෝහලේ විශ්මිත සැත්කම



හිස් කබල පසාරු කරමින් ගොස් තිබුණ යකඩ බටය ඉවත් කළ
මහනුවර රෝහලේ විශ්මිත සැත්කම
පැය 6ක කාලයක් තුල සිදු කළ සැත්කමක්

විශේෂ සැත්කම් සදහා ප්‍රසිද්ධ ලංකාවේ ප්‍රධාන රෝහලක් වන මහනුවර මහ රෝහලේ සිදුවූ තවත් එක් විස්මිත සැත්කමක් ගැන වාර්තා වෙනවා. එනම් හිස් කබල පසාරු කරමින් ගොස් තිබුණු යකඩ බටයක් ඉවත් කිරීමට පැය 6ක කාලයක් තුල සිදු කළ විශේෂ සැත්කමයි. කෙසේ නමුත් පසුගිය 25 වනදා සිදු කල මෙම සැත්කම මඟින් හිස්කබල පසාරු කර තිබූ යකඩ බටය සාර්ථකව ඉවත් කිරීමට මහනුවර රෝහලේ වෛද්‍ය කණ්ඩායම සමත් වී තිබෙනවා.


බිබිල ඉඟිනියාගල පදිංචි කාන්තාවක් සිය නිවෙසේ සිටියදී නිවෙසේ තිබූ බඳින තුවක්කුවක් පත්තුවී ඇති අතර එහි ඉදිරිපස වූ යකඩ බටයක් තුවක්කුවෙන් ගැලවී විසිවී ගොස් කාන්තාවගේ හිස පසාරු කරමින් ගොස් තිබෙනවා.

මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබු 33 හැවිරිදි කාන්තාව බිබිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරු කර එවා තිබෙනවා. එහිදී විශේෂඥ වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මෙම විශේෂ සැත්කම සිදු කර සාර්ථකව යකඩ බටය හිසින් ඉවත් කර තිබෙනවා. අදාළ කාන්තාව මේ වනවිට යහපත් සුවයෙන් වැඩිදුර ප්‍රථිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu