gossiplanka alexa මාස හතරක් හෑරූ උමඟකින් ගොස් බැංකුවකට වැඩේ දුන් සොරු කණ්ඩායම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාස හතරක් හෑරූ උමඟකින් ගොස් බැංකුවකට වැඩේ දුන් සොරු කණ්ඩායම



උමඟක් හාරා එතුළින් ගොස් බැංකුවක් බිඳින ලද මහා සොරකමක් පිළිබඳව බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වෙනවා. මාස කීපයක් තිස්සේ රහසිගතව හාරන ලද අඩි විසි පහක් පමණ දිග උමඟක් තුළින් සොරුන් කණ්ඩායමක් පිවිස ඇත්තේ ඉන්දීය ආණ්ඩුවේ අයිතිය සහිත බැරෝඩා බැංකුවටයි.

එම උමඟ හෑරීමට ඔවුන් මාස හතරක පමණ කාලයක් ගත කරන්නට ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර සොරුන් විසින් බැංකුවෙහි තිබුණ මුදල් සහ රන් ආභරණ වලින් කොටසක් පැහැර ගෙන ගොස් ඇතැයි ඉන්දීය පොලිසිය වාර්තා කරනවා. බැංකුවේ ඇති සේප්පු 225 න් තිහක් කඩා ඒවායේ තැන්පත් කර තිබුණ දෑ පැහැර ගෙන ගොස් ඇතැයි පොලිසිය වැඩිදුරත් පවසනවා.

පැහැරගෙන ගිය මුදල් ප්‍රමාණය සහ රන් ආභරණවල වටිනාකම තවමත් ඇස්තමේන්තු කර නැති අතර සොරුන් කණ්ඩායම විසින් 'බැරෝඩා' බැංකුවට යාබද ගොඩනැගිල්ලක් කුලියට ගෙන තිබු අතර ඔවුන්ගේ මේ රහසිගත සැලසුම ආවරණය කර ගැනීම සඳහා එහි වෙළෙඳසැලක් ආරම්භ කර තිබූ බව ඉන්දීය පොලිසිය පවසයි.

ඔවුන් උමඟ හාරා ඇත්තේ එම වෙළෙඳසැල ඇතුලත වන අතර පසුගිය සෙනසුරාදා රාත්‍රියේ බැංකුව කොල්ල කෑමෙන් අනතුරුව එම සැක කටයුතු පුද්ගලයන් අතුරුදහන් ව ඇත. කෙසේ වෙතත් දක්ෂ අන්දමින් මෙම සැලසුම දියත් කල මෙම සොරුන් කණ්ඩායම කවුරුන්ද යන්න තවම හඳුනා ගෙන නැත.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu