gossiplanka alexa නිල ඇඳුම් තෙමී යාම නිසා පන්තියට නොගිය සිසුවියන් තිදෙනකුට පොල්ලකින් පහරදුන් විදුහල්පතිට වැඩ වරදී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිල ඇඳුම් තෙමී යාම නිසා පන්තියට නොගිය සිසුවියන් තිදෙනකුට පොල්ලකින් පහරදුන් විදුහල්පතිට වැඩ වරදී




පොලොන්නරුව, ලංකාපුර අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් පාසලක  විදුහල්පතිවරයෙක් විසින් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක්‌ මත විදුහල්පතිවරයා පුලස්‌තිපුර පොලිසිය මගින් පසුගිය 15 දා අත්අඩංගුවට ගෙන ඇත.

පහර කෑමට ලක්‌වූ බව කියන 15 හැවිරිදි සිසුවියන් තිදෙනාගෙන් එක්‌ ශිෂ්‍යාවක්‌ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

විදුහල්පතිවරයා විසින් පාසල් වේලාව තුළදී මෙම ශිෂ්‍යාවන් තිදෙනාට පොල්ලකින් පහර දෙන ලදැයි පොලිසියට පැමිණිලි ලැබී තිබුණි.

මෙම විද්‍යාලයේ පහළ ශ්‍රේණියක කුඩා සිසුන් පිරිසක්‌ අතින් ජල නලයක්‌ කැඩී ගොස්‌ ඇති බවත් එය නැවත සකස්‌ කිරීමට මෙම ශිෂ්‍යාවන් තිදෙනා උත්සාහ දරද්දී ඔවුන් හැඳසිටි නිල ඇඳුම් තෙමී යාම නිසා පන්තියට නොගොස්‌ පාසලේ වෙනත් තැනෙක රැඳී සිට ඇති අතර ගුරුවරයෙකු පන්ති කාමර උගන්වමින් සිටියදී පන්තියට නොයැම නිසා මෙම සිසුවියන් තිදෙනාට විදුහල්පතිවරයා දඬුවම් කර තිබෙන බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ. දෙමාපියන්ගේ ඉල්ලීම මත විදුහල්පතිවරයා පොලිස්‌ ඇප මත මුදාහළ බවද විමර්ශන කටයුතු සිදු කරන පොලිස්‌ නිලධාරීහු පවසා සිට ඇත,

පුලස්‌තිපුර පොලිසියේ ස්‌ථානාධිපති, පොලිස්‌ පරීක්‍ෂක විපුල බණ්‌ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පවත්වයි.
 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu