gossiplanka alexa 2018 වර්ෂය සඳහා අයවැය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

2018 වර්ෂය සඳහා අයවැය



2018 වර්ෂය සඳහා අයවැය

මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් 2018 වර්ෂය සඳහා වන අයවැය ඊයේ (09දා) ඉදිරිපත් කිරීම සිදුකරනු ලැබුවා. ඉදිරිපත් කළ අයවැය තුලින් 2018 වර්ෂය සඳහා සහන රැසක් ජනතාවට හිමිවිය. එසේම හරිත රටක් යන සංකල්පය යටතේ ඉදිරියේදී ශ්‍රී ලංකාව තුල විවිධ සැලසුම් රැසක්ම ක්‍රියාත්මක කිරීමට මෙම නව අයවැයෙන් යෝජනා ඉදිරිපත් විය. ඒ අනුව රජයේ වාහන සියල්ල 2025 වර්ෂය වන විටදී

විදුලියෙන් ධාවනය වන රථයන් ලෙසින් පරිවර්ථනය කිරීමටත් 2040 වර්ෂය වන විටදී ඛණිජ තෙල් භාවිතයෙන් තොර වාහන ශ්‍රී ලංකාව පුරා ධාවනයට සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් නියමිතයි.
මංගල සමරවීර මහතා පැය දෙක හමාරකයට පමණ පසු අයවැය යෝජනා ඉදිරිපත් කිරීමේ කතාව අවසන් කළ අතර පහතින් දැක්වෙන්නේ 2018 වර්ෂය සඳහා එලෙස ඔහු විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනා ලැයිස්තුවයි.

- 2040 වන විට ඛණිජ තෙල් භාවිතයෙන් තොර වාහන රටපුරා ධාවනයට යෝජනා
- රජයේ සියලුම වාහන 2025 වන විට දෙමුහුන් හෝ විදුලියෙන් භාවිත වාහන පමණයි.
- එන්ජින් ධාරිතාවය 2500ට වැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහා විශේෂ බද්දක්
- විදුලියෙන් ධාවනය කෙරෙන වාහනවල බදු රු. ලක්ෂ 10කින් අඩු කිරීම
- ඩීසල් වලින් ධාවනය වන ත්‍රීරෝද රථ සඳහා ආනයන බද්ධ රුපියල් 50,000කින් ඉහළ දැමීමට යෝජනා. විදුලියෙන් ධාවනය කරන ත්‍රීරෝද රථ සඳහා සහන.
- දේශීය වශයෙන් එකලස් කරන විදුලි බස් රථ හා කාර් සඳහා විශේෂ සහන
- එයාර් බෑග් (වායු බැලුන) සහිත වාහන ගෙන්වීම අනිවර්ය කිරීමට යෝජනා
- විදුලි බස් රථ 50ක් සඳහා රුපියල් මිලියන 500ක්
- සූර්ය බලයෙන් වාහන ආරෝපනය කරන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට යෝජනා
- විදුලි ත්‍රි රෝද රථ හා බස් රථ සඳහා වටිනාකම් ණය අනුපාතය 90:10 යි
- ලංගම හරිතකරණයට ලක්කිරීමට කටයුතු
- යතුරු පැදි, මොටර් රථ හා බස් රථ සඳහා කාබන් බද්දක්.
- පොලිතීන් කිලෝවක් නිශ්පාදනයට රුපියල් 10ක නිශ්පාදන බද්දක්.
- ආරුවක්කාලු කසළ මධ්‍යස්ථානයට රුපියල් මිලියන 3000ක්
- සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශකයම ඇවිදීමේ පහසුකම් සහිත ශරීර සුවතා මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියන 1500ක්.
- දෙහිවල කූඩු කළ සතුන් විවෘත කූඩු සංකල්පයට පරිවර්තනයක්. පින්නවල අලි අනාථාගාරය ප්‍රතිසංවිධානය සඳහා මිලියන 75ක්
- ජංගම දුරකතන කුළුණු ඉදිකිරීම අධෛර්යමත් කිරිමට නව බද්දක්.

- 2018දී මීගමුව රැකව පුත්තම ඇතුළත් කලපු 10 සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000ක්
- විද්‍යා තාක්ෂණ හා නවොත්පාදන සම්බන්ධතා ලේකම් කාර්යාලයට රුපියල් මිලියන 25ක්
- වැසි ජලය ක්‍රමවත් ආකාරයට රැස්කිරීම කුඩා හා මධ්‍යම වැව්වල රොන් මඩ ඉවත් කිරීමට රුපියල් මිලියන 1000ක්
- කාලගුණ දර්ශන මත පදනම් වූ රක්ෂණ යෝජනා ක්‍රමයක්. බෝග වර්ග 6ක් සඳහා අක්කරයකට රුපියල් 40000ක මුදලක්. දායකත්ව රක්ෂණය සඳහා රුපියල් මිලියන 3000ක්
- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදියුණු කර කාලගුණ දත්ත මහජනතාවට නොමිලයේ ලබාදීමට පියවර
- බහුදින යාත්‍රා වල පසු අස්වනු තාක්ෂණය වැඩි කිරීමට පියවර
- ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට අඩි 55ට වැඩි බහුදිර ධීවර යාත්‍රා වෙනුවෙන් වැය වන මිලෙන අඩක් රජය දරයි.
- වෙල්ලමංතර නව ධීවර වරායක්
- වැවක් සහිත ගමක් වැඩසටහන තව දුරටත්
- මුහුදු කූඩැල්ලන් ඇල්ලීම හා සැකසීම සඳහා විශේෂිත මධ්‍යස්ථානයක්.
- සුළු ව්‍යාපාරිකයන් ඇතුළු සියලුම ව්‍යාපාරිකයන් සඳහා පහසුකම්අ
- සුළු ව්‍යාපාරිකයන් වෙනුවෙන් ව්‍යාපාරික යෝජනාවේ සක්‍යතාව සැලකිල්ලට ගෙන ඔවුන්ට ණය ලබාගැනිමට අවස්ථාව. ආනයන අපනයන සංවර්ධන බැංකුවක්.
- ආනයන අපනයන සංවර්ධන බැංකුව ඉදිකිරීමට රැපියල් මිලියන 10000ක්.
- කුඩා ව්‍යාපාරවල නිරත පුද්ගලයන්ට සහන. ව්‍යාපාරික කුසලතා දියුණු කරීම සඳහා ආධාර වෙනුවෙන් මිලියන 2200ක්.
- කොටස්කරුවන් සහිත කුඩා ව්‍යාපර ඇති කිරීම සඳහා මිලියන 500ක්.
- කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිය ලබාදීමට කාන්තා ව්‍යවසායකයන් සඳහා පොලී අනුපාත සහනයක්.
- විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් ව්‍යාපාර සඳහා යොමුවීමේදී පොලී සහන.
- කුඩා හා මධ්‍යම ව්‍යාපාර ණය ලබා ගැනීමට ඇපකර අරමුදලකට රුපියල් මිලියන 500ක්.

- තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනයට රුපියල් මිලියන 3000ක්.
- තොරතුරු තාක්ෂණය වෙනුවෙන් කොළඹ හා මොරටුව විශ්වවිද්‍යාල වලින් පාඨමාලා.
- අපයනය කරන දේශීය කර්මාන්ත ශාලා බල ගැන්වීමට කටයුතු.
- ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කරන ආයතන (ප්‍රමිති ආයතනය වැනි) සංවර්ධනය කිරිමට කටයුතු
- කිරි, ඹෟෂධ වැනි නිෂ්පාදයන් සඳහා කර්මාන්ත උපකරණ ආනයන කිරීමේදී බදු සහන.
- කුළු බඩු කර්මාන්ත සඳහා සහන. ගුණාත්මක අතින් ඉහළ නිශ්පාදන සඳහා නීති රීති. කුරුඳු හා ගම්මිරිස් අගය එකතු කිරීම වර්ධනය කිරීමට පියවර.
- කුඩා තේ වතු හිමියන්ගේ ඵලදායිතාවය නැංවීමට රුපියල් මිලියන 250ක්.
- පොල් තෙල් හා පොල් මද ආශිත නිශ්පාදන සඳහා ජාතිය ගොනැගීමේ බද්ද වසරකට ඉවත් කෙරේ.
- රබර් කර්මාන්තයේ අගය එකතු කිරීමේ නිශ්පාදන සඳහා සහන.
- කුකුළු පාලනය - දේශීය බඩ ඉරිඟු ආනනය ලිහිල් කිරීමට පියවර. කුළුලු ගහණය මිලියන 500ක් දක්වා වැඩි කිරීමට පියවර
- කෙසෙල් හා අන්නාසි අපනයනය කිරීම දිරිමත් කරමින් ඉහළ නිශ්පාදන ඵලදාවක් සහිත පැළ නිශ්පාදනය දිරිමත් කිරීමට පියවර
- ශ්‍රී ලංකාවේ මල් නිශ්පාදනය විදේශ වෙළඳපොළට ප්‍රවේශවීමට දියුණු කිරීමට යටිතල පහසුකම්.
- මැණික් කර්මාන්තය නැංවීම සඳහා කැපීමට ගෙන්වන මැණික් සඳහා ජාතිය ගොඩ නැගීමේ බද්ද ඉවත් කරයි
- දැව හා දැව ආශ්‍රිත නිශ්පාදන වර්ධන අවකාශය ප්‍රමාණවත් පරිදි භාවිතයට ගෙන නොමැත. ඒ සඳහා නිර්මාණ සැකසුම් මධ්‍යස්ථානයක් මොරටුව විශ්වවිද්‍යාලය සමග ස්ථාපිත කිරීමට පියවර.

- සංචාරකයන් සඳහා පහසුකම් සපයන නිවාස හිමියන්ට ණය ක්‍රමයක්.
- සංචාරක ව්‍යාපාරයෙන් සිටින බදු නොගෙවන්නන් බදු දැළට හසුකර ගැනීමට පියවර.
- සංචාරකයන් අභිමුඛ වන පරිදි මත්පැන් බලපත්‍ර ලබාදීම වෙනස් කිරීමට පියවර
- දුම්රිය ස්ථාන කොළඹ කෙටුව, නානුඹය දුම්රිය කෞතුකාර ලෙස සංවර්ධනයට පියවර.
- අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් පෞද්ගලික අංශයේ සහාය ඇතිව සංවර්ධනයට පියවර.
- මාදුරු ඹය හා ගල් ඔය සෆාරි පහසුකම් සහිතව සංවර්ධනය කරනවා.
- සංචාරකයන්ගේ ආරක්ෂාව සඳහා නව පොලිස් ස්ථාන ඉදිකරනවා.
- ඕෆ් රෝඩ් ක්‍රීඩා විදුලි වාහන සඳහා බදු සහන.
- ත්‍රීරෝද රථ ව්‍යවසායකයන් බිහිකිරීමට පියවර. සංචාරකයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හදුන්වා දෙයි.
- ත්‍රිරෝද රථ රියදුරන් සංචාරක මඟ පෙන්නන්වන් වශයෙන් පුහුණුකරනවා. ඔවුන්ට නොමිලයේ පුහුණුව දෙනවා.
- ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා.
- ව්‍යාපාර ලියාපදිංචිය පහසු කිරිමට එක් ආයතනයක්.
- ලියාපදිංචි සමාගම් සඳහා ඉඩම් මිලදී ගැනීමේදී ඇති සීමා ඉවත් කිරීමට යෝජනා
- රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාර සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.
- රැකියා සඳහා සූදානම් කිරිමේ අරමුදලට රුපියල් මිලියන 2000ක් වෙන්කරනවා.

- යොවුන් සේනාංකය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 2000ක් .
- නව වෘත්තීය පුහුණු පාසල් පහක්.
- වසර 13ක අධ්‍යාපනක් ලබාදීමේ අරමුණ ඇතිව අධ්‍යාපනයට ලබාදෙන ප්‍රතිපාදන ව්‍යුහගත කර ඇත. ඒ සඳහා මිලියන 3500ක්.
- ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රතිසංවිධානය කරනවා.
- අවශ්‍යතාවට ගැලපෙන පරිදි විෂය වෙනස් කරනවා. අධ්‍යාපන ක්‍රමය අන්තර්ජාතික ශිෂ්‍ය ඇගයීම් ක්‍රමයක් ස්ථාපනය කරනවා.
- ගුරුවරුන් පුහුණු කිරිමට මිලියන 1200ක්. ස්මාට් පංති කාමර සඳහා මිලියන 750ක්.
- විශේෂ අවශ්‍යතා ඇති ශිෂ්‍යයින් සඳහා අවධානය යොමුකරනවා. විද්‍යාපීඨ සිසුන් සඳහා දීමනාව වැඩිකරනවා
- වෛද්‍ය අධ්‍යාපනය දියුණු කිරීමට රුපියල් මිලියන 1250ක්.
- සම්ප්‍රදායික නොවන උපාධි පාඨමාලා හඳුන්ව දීමට කටයුතු.
- දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි පාඨමාලාවක් හදුන්වාදෙනවා.
- මහපොළ නිර්නායක සඳහා සලකා බලන ආදායම් මට්ටම ලක්ෂ 3 සිට ලක්ෂ 5ට වර්ධනය කරනවා.
- ග්‍රාමීය ක්‍රීඩාංගණ 100ක් සංවර්ධනය කිරීමට මිලියන 100ක්

- පැණි බීමවල ඇති සීනී ප්‍රමාණය අනුව සීනි ග්‍රෑමයකට ශත 50ක බද්දක්
- ක්‍රීඩා සපත්තු ආනයනයේදී තීරු බද්ද ඉවත් කෙරේ.
- නව වකුගඩු ඒකක තුනක්.
- බෝනොවන රෝග (ඒඩ්ස්/වකුගඩුරෝගය ආදී) මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කෙරේ.
- මධ්‍යසාර බදු ව්‍යුහය යථාවත් කරනවා.
- මත්පැන් මත ජාතිය ගොඩ නැගීමේ බද්ද 2018/4/01 සිට පනවනවා.
- අඩු ආදයම් ලාභීන් වෙනුවෙන් නිවාස ඒකක 20000 ක් 2020 දී ලබාදෙනවා.
- නාගරික ජනාවාස වෙනුවෙන් රුපියල් බිලියන 17.5ක් ලබන වසරට වෙන්කරනවා.
- උතුරු නැගෙනහිර යළි පදිංචි කිරිමේදි නිවාස ඉදිකිරීමට තවත් මිලියන 3000ක් වෙන්කරනවා.
- වැවිලි කර්මාන්තයේ යෙදෙන ජනතාව වෙනුවෙන් නිවාස 25000කට රුපියල් මිලියන 2000ක්.
- මැදි ආදායම් ලාභීන් වෙනුවෙන් සාධාරන මිලකට නිවාස මිලදී ගැනීමට රජය මැදිහත් වෙනවා. ඒ වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර තිබෙනවා. මෙය පුළුල් කිරිමට කටයුතු කරනවා.
- ඒකාබද්ධ ගංවතුර පාලන ක්‍රමයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශයන් සඳහා හඳුන්වාදෙනවා.
- කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර සංවර්ධනය කරනවා. මධ්‍යම අධිවේගය ඉදිරියට ගෙන යනවා. ග්‍රාමීය මාර්ග සංවර්ධනය කරනවා. ගංවතුරෙන් මාර්ග යථා තත්ත්වයට පත්කිරීමට මිලියන 4000ක්.
- සහසර වෙනුවෙන් පෞද්ගලික අංශයේ සහාය ගන්නවා. ඒකාබද්ධ කාලසටහන් ස්ථාපිත කරනවා.
- ප්‍රජාපොලිස් කටයුතු සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කරනවා. පොලිස් හා අපරාධ කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් ඉදිකරනවා
- ශ්‍රී ලංකා පොලීසියේ අන්තර්ජාල විමර්ශන අංශය බලාත්මක කරනවා. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සඳහා වැඩි අවස්ථා ලබාදී තිබෙනවා.
- අධිකරණ තුළ ගොඩගැසි ඇති මූල්‍ය, දූෂණ ඇතුළු අඩු විශාල නඩු ප්‍රමාදවීම් වැළැක්වීම සඳහා අධිකරණ පරිපාලන කටයුතු වේගයත් කිරිමට නවීන ශව්‍ය දෘෂ්‍ය පටිගත කිරීමේ විශේෂ උසාවියක් වෙනුවෙන් මිලියන 25ක්.
- බාල අපරාධකරුවන් හා වින්දිතයන් අධිකරණය රැගෙන යාමේදී ගැටලු සඳහා පිළියමක් ලෙස ඔවුන්ව වෙන්ව ප්‍රවාහනය කිරීමට වාහන මිලදී ගන්නවා.

- ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට රුපියල් බිලියන 2.5ක ප්‍රාග්ධනයක් ලබාදෙනවා.
- ආගමික ස්ථාන සංරක්ෂණය කරනවා. කලාව හා කලා ශිල්පීන් ආරක්ෂා කරනවා.
- බෞද්ධ පුස්තකාලයක් අරඹීමට මිලියන 50ක් වෙන්කරනවා. ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 250ක්. අනුරාධපුර, ශ්‍රී පාදය, මඩු, නල්ලූර් විශ්‍රාම ශාලා ඉදිකිරීමට මිලියන 100ක් වෙන්කරනවා.
- නැගි එන මැදි හා ඉහළ ආදායම් ලබන ජනතාව සිටින නගර ආශ්‍රිතව විනෝදාත්මක පහසුකම් ලබාදෙනවා. ජාත්‍යන්තර මට්ටමේ මධ්‍යස්ථානයක් මොරටුවේදී ඉදිකරනවා.
- ඩිජටල්කරණය තුළින් රජයේ සේවා විධිමත් කරනවා.
- ICTA වෙනුවෙන් රුපියල් මිලියන 2000ක් වෙන්කරනවා.
- රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා ඒකාබද්ධ වැටුප් ක්‍රමයක්.
- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සඳහා පූර්ණ අධ්‍යනයක් කරනවා.
- රාජ්‍ය සේවකයන් 500ට වැඩි ආයතන වල ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකරනවා.
- 2016න් පසු විශ්‍රාමිකයන්ට ජීවිතාන්තය තෙක් අග්‍රාහාරය ලබාදෙනවා
- රජයේ සේවයකයන්ට වාහන සඳහා ලබාදෙන බදු සහනය තවදුරටත් ක්‍රියාත්මක කරනවා.

- උතුරට තවත් නිවාස 50000ක් ඉදිකරනවා.
- යාපනයේ නවීන ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකර එය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හා සම්බන්ධ කරනවා
- ගාසතුවකින් තොරව පොදු ස්ථාන වල සිල්ලර වෙළඳසැල් ස්ථාපනය කරනවා. පෞද්ගලික අංශයේ මූලිකත්වයේ ආරම්භ කරනවා.
- පාරිභෝගික අධිකාරිය හා පනත ශක්තිමත් කරනවා.
- රුපියල් බිලියන 7000ක ණයක් ඉදිරි වසර තුනේදී ගෙවන්න වෙනවා.
- 2018 වසරට ණය ආපසු ගෙවීමට බිලියන 1970ක් තිබෙනවා.
- 2018 වසර සඳහා සිදුකිරිමට නියමිත රාජ්‍ය අයෝජන අඩු කරන්නේ නෑ.
- 2018/4/1බැංකු මගින් කරන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1000කට ශත 20ක් වන ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ධක් ගෙවීමට යෝජනා කරනවා.
- නිර්බාධක වෙළඳාම දියුණු කරනවා. නව රේගු පනතක් හඳුන්වා දෙනවා.

- 2018/1/1 සිට ආනයනට අදාළ සියලු ලියකිලිවිලි මෙහෙයවීම ස්වයංක්‍රීය සිදුකරනවා.
- දුම්වැටි ආනයන හා සුරුට්ටු ආනයන බලපත්‍ර නිකුත් කරනවා.
- සුරාබදු ආදායම් කළමනාකරන පද්ධතියක් හඳුන්වා දෙනවා.
- පානීය නොවන මත්ද්‍රව්‍ය සඳහා රුපියල් 15ක බද්දක් අයකරනවා.
- 2018/4/1 සිට කෙටි පණිවිඩ අලෙවි ප්‍රචාරයන් සඳහා පණිවිඩයකට ශත 25ක ගාස්තුවක් අයකරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu