gossiplanka alexa ලංකාව ඇතුලු රටවල් පහකට විතරක් facebook සිදු කළ වෙනස කුමක්ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාව ඇතුලු රටවල් පහකට විතරක් facebook සිදු කළ වෙනස කුමක්ද?




ලංකාව ඇතුලු රටවල් පහකට විතරක් facebook සිදු කළ වෙනස කුමක්ද?
අලුත්ම update එකෙන් අපිට විතරක් වෙන දේ බලන්න.

Facebook හි අලුත්ම අප්ඩේට් එක වන Explore Feed නිසා ඔබට මුහුණ දෙන්නට සිදුවන ගැටළු පිළිබඳව ගොසිප් ලංකා අපි මුලින්ම ඔබව දැනුවත් කළා. මේ අප්ඩේට් එක හේතුවෙන් ලංකාවෙ Facebook පිටුවලට ලොකු ගැටළුවක් ඇතිවෙයි කියලා තමයි ගොඩක් අය හිතුවෙ. කොහොම වුනත් මේ දවස්වල මේ අප්ඩේට් එක නිසා ගොඩක් දෙනා මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා.

ඇත්තටම මේ Facebook මගින් කළ නව යාවත්කාලීන කිරීම හේතුවෙන් සිදුවුයේ සාමාන්‍ය News Feed එක තුල මීට පෙර Facebook Pages මඟින් දමන post දර්ශනය වීම නතර කර ඒ සඳහාම වෙන්වූ Facebook Explore Feed එකක් හඳුන්වා දීමයි. ඔවුන් හඳුන්වා දුන් මේ Explore Feed නිසා ලොව පුරා සිටින සියලුම Facebook සාමාජිකයන්ට මුහුණ දීමට සිදුවුනා. නමුත් ලංකාව ඇතුළු තවත් රටවල් 05කට පමණ මෙම යාවත්කාලීන කිරීම වෙනස් විදියකට සිදු කර තිබෙනවා.

ඒ අනුව සර්බියාව, බොලීවියාව, ගෝතමාලාව, කාම්බෝජියාව, ස්ලොවේකියා සහ ශ්‍රී ලංකාව යන රටවල් වලට Facebook Page මඟින් දමන Post සියල්ලම Explore Feed හි පමණක් පෙන්වනවා. අනෙකුත් රටවල් වලටද ඔවුන් Like කර තිබෙන Pages සහ ඔවුන්ට සුදුසු යැයි අනුමාන කරන Post, Explore Feed එක ඔස්සේ පෙන්වනු ලැබුවද, ඔවුන්ට සුදුසු යැයි අනුමාන කරන සහ ඔවුන් Like කර ඇති Page වලට අදාළ  ඉතා ජනප්‍රිය සහ ගුණාත්මක Post පමණක් සාමාන්‍ය News Feed එක තුල පෙන්වනු ලබනවා.

කෙසේ වෙතත් මෙය තවමත් පර්යේෂණ තත්වයේ පවතින නිසා ඉදිරියේදී තවත් වෙනස්කම් වලට මුහුණදෙන්න පුළුවන් කියලා අපි අනුමාන කරනවා.

gossiplanka.com ගහලා google search කරන්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu