gossiplanka alexa සැමියයි අම්මයි තාත්තාට පිහියෙන් ඇනලා මරා දමලා නිවස පිටුපස මිනිය වළ දැම්මා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සැමියයි අම්මයි තාත්තාට පිහියෙන් ඇනලා මරා දමලා නිවස පිටුපස මිනිය වළ දැම්මා




සැමියයි අම්මයි තාත්තාට පිහියෙන් ඇනලා මරා දමලා
නිවස පිටුපස මිනිය වළ දැම්මා
- දියණිය පවසයි

තාත්තා බී ගෙන ඇවිත් හැමදාම මට කරදර කරන්න හදනවා. මේ දේවල් නිසා මගේ සැමියා තාත්තා එක්‌ක ලොකු තරහකින් හිටියේ. තාත්තාගෙන් වෙන කරදර උහුල ගන්න බැරි තැන සැමියයි අම්මයි එක්‌ක එකතු වී තාත්තාට පිහියෙන් ඇනලා මරලා ගේ පිටුපස මිනිය වළ දැම්මා" යෑයි
වත්තල විශ්‍රාමික වරාය සේවකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ දියණිය පොලිසිය හමුවේ පාපොච්චාරණය කළාය.
වත්තල කෙරවලපිටියේ පදිංචිව සිටි විශ්‍රාමික වරාය සේවකයකු වූ 65 හැවිරිදි එච්. වෝල්ටර් නමැත්තාට පිහියෙන් ඇන ඝාතනය කර ඔහුගේ සිරුර නිවස පිටුපස වළ දැමූ ඔහුගේ බිරිඳ, දියණිය සහ බෑණා වත්තල පොලිසිය මඟින් ඊයේ (08 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ පියාගෙන් දියණියට එල්ල වූ හිරිහැර කරදර හේතුවෙන් ඔවුන් මෙසේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි. මෙම සිද්ධියට සම්බන්ධ වෝල්ටර් නමැත්තාගේ දියණිය 35 හැවිරිදි වියේ පසු වූ තරුණියකි. ඇගේ සැමියා 33 හැවිරිදි වියේ පසු වූ තේ කර්මාන්ත ශාලාවක සේවය කරන දෙමළ තරුණයෙකි.

මොවුන් දෙදෙනා විවාහ ගිවිස ගෙන සිටියද එකට ජීවත් වී නොමැත. මෙම විවාහය සඳහාද පියාගේ කැමැත්ත ලැබී නැත. සැකකාර දියණිය පවසන අන්දමට දිනපතාම අධික ලෙස මත්පැන් පානය කර නිවසට පැමිණෙන පියා ඇයට හිරිහැර කිරීමට උත්සාහ කර ඇත. මේ සම්බන්ධයෙන් ඇයගේ නීත්‍යනුකූල සැමියාට පැවසූ පසු ඔහු පවසා ඇත්තේ පියා මරා දැමිය යුතු බවයි.

ඒ අනුව වෝල්ටර්ගේ බිරිඳ, දියණිය හා ඇගේ සැමියා නිවසේ කාමරයකදී ඔහුගේ පපු ප්‍රදේශයට සහ ගෙලට පිහියෙන් ඇන ඝාතනය කර සිරුර නිවස පිටුපස වළ දමා ඇත. වෝල්ටර්ගේ අතුරුදන් වීම පිළිබඳව ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දී ඇත්තේ මේ අතරතුරදීය. වත්තල පොලිස්‌ ස්‌ථානාධිපති එරික්‌ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කරද්දී නිවැසියන් පවසා ඇත්තේ වෝල්ටර් ඔස්‌ටේ්‍රලියාවට ගිය බවයි.

නමුත් පොලිසිය මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන කරන විට සැකකරුවන් නිවස අතහැර පලා ගොස්‌ තිබිණු අතර ඝාතනයට ලක්‌ වූ වෝල්ටර් නමැත්තාගේ සිරුර අද (09 වැනිදා) පෙරවරුවේ ගොඩ ගැනීමට නියමිතය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu