gossiplanka alexa ජාතික ක්‍රීඩාව මාරු කරනවා නම් ජාතික කොඩියේ සිංහයාවත් මාරු කරන්න වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජාතික ක්‍රීඩාව මාරු කරනවා නම් ජාතික කොඩියේ සිංහයාවත් මාරු කරන්න වෙයි

වර්ෂ 1991දි මහාචාර්ය විනි විතාරණ මහතාගෙන් යුත් කමිටුවක්‌ මගින් වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව බවට නම් කළ අතර එතැන් පටන් මේ දක්‌වා මෙරට ජාතික ක්‍රීඩාව බවට වොලිබෝල් ක්‍රීඩාව පිලිගන්නා ලදී.නමුත් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වී ඇති වොලිබෝල් ක්‍රීඩාව ඉන් ඉවත් කොට වෙනත් ක්‍රීඩාවක්‌ ජාතික ක්‍රීඩාව බවට පත් කළ යුතු යෑයි ඇතැම් අංශ මගින් විවිධ අදහස්‌ පළ කර ඇතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති නීතිඥ ඩබ්. ජී. එස්‌. එරන්දික මහතා පවසයි.

"දැනට අප රටේ ජාතික ක්‍රීඩාව බවට සැලකෙන්නේ වොලිබෝල් ක්‍රීඩාව. එය තමයි රටේ වැඩිපුරම කරන ක්‍රීඩාව, වසර ගණනක්‌ තිස්‌සේම එය රටේ ජාතික ක්‍රීඩාව බවට පත් වෙලා තිබුණා. නමුත් මේ වන විට රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් නොවන බවටත් වෙනත් ක්‍රීඩාවක්‌ ඒ සඳහා පත් කළ යුතු බවටත් ඇතැම් අංශ අදහස්‌ ප්‍රකාශ කරලා තියෙනවා.

එයට හේතුව බවට ඔවුන් ප්‍රකාශ කරන්නේ වොලිබෝල් ක්‍රීඩාව පිට රටකින් පැමිණි ක්‍රීඩාවක්‌ නිසා එය ජාතික ක්‍රීඩාව බවට පත් නොවිය යුතුයි කියලයි. එය කිසිසේත්ම සාර්ථක තර්කයක්‌ නොවෙයි. එහෙම වුණොත් අපේ රටේ තව ගොඩක්‌ දේවල් වෙනස්‌ කරන්න වෙනවා. උදාහරණයක්‌ හැටියට ගත්තොත් අපේ රටේ ප්‍රධාන ආගම බවට පත්වෙලා තියෙන බුද්ධාගම ආවෙත් ඉන්දියාවෙන්. ඒ විතරක්‌ නෙමෙයි අපේ ජාතික කොඩියේ ඉන්න සිංහයා අපේ රටේ නැහැ. එහෙම බලනවානම් ඒකත් වෙනස්‌ කරන්න වෙනවා.

මෙරට ජාතික ක්‍රීඩාව බවට පත්ව ඇති වොලිබෝල් වෙනුවට වෙනත් ක්‍රීඩාවක්‌ පත් කිරීමට වොලිබෝල් සම්මේලනය කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැහැ. දැනටමත් එය එසේ නොවන්නට ඒ පිළිබඳ අවශ්‍ය බලධාරීන්ව අපි දැනුවත් කරලා තියෙන්නේ" යෑයි පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu