gossiplanka alexa ඉන්දීය අග්‍රාමාත්‍යයගේ කඳුරට සංචාරය වෙනුවෙන් පුහුණුවෙන හෙලිකොප්ටර් නිසා ගෙවල්වල වහල සුළඟට යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දීය අග්‍රාමාත්‍යයගේ කඳුරට සංචාරය වෙනුවෙන් පුහුණුවෙන හෙලිකොප්ටර් නිසා ගෙවල්වල වහල සුළඟට යයි





ඉන්දීය අග්‍රාමාත්‍යයගේ කඳුරට සංචාරය වෙනුවෙන්
පුහුණුවෙන හෙලිකොප්ටර් නිසා
ගෙවල්වල වහල සුළඟට යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කඳුරට සංචාරය වෙනුවෙන් ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම්. අයි. 17 හෙලිකොප්ටර් යානා දෙකක් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණය අවට ඊයේ (09) කළ පෙර පුහුණුවීම්වලදී ඒ අසල වූ හැටන් සමනලගම ප්‍රදේශයේ
නිවාස පහක වහලවල සෙවිලි තහඩු සහ ඇස්බැස්ටස් ෂීට් සුළඟට ගිය බව එම නිවෙස් හිමියන් හැටන් ‍පොලිසියට පැමිණිලි කර තිබේ.

ඊයේ (09) දහවල් 12.00 ට පමණ මෙම පෙර පුහුණුවීම් කර ඇති අතර මේ සම්බන්ධයෙන් හැටන් ‍පොලිසියේ නිලධාරියකුගෙන් කළ විමසුමකට ඔහු පවසා සිටියේ එම හෙලිකොප්ටර් යානාවල ගුවන් නියමුවන් ඩන්බාර් ක්‍රීඩාංගණය අසල නිවාස කිහිපයක වහල මතට වැලි කොට්ට තබන ලෙසට නිවැස් හිමියන්ට උපදෙස් දෙන ලෙස ‍පොලිසියට පැවසූ බවයි. මෙවැනි පෙරහුරුවක් ඉදිරි දින දෙක තුළදීද සිදු කිරීමට නියමිතය වීඩියෝව පහතින්.

රංජිත් රාජපක්ෂ – හැටන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu