gossiplanka alexa කම්හල්වල ජෙනරේටර් ක්‍රියාත්මක කිරීම අද සිට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කම්හල්වල ජෙනරේටර් ක්‍රියාත්මක කිරීම අද සිට

අධික වියළි කාලගුණය හේතුවෙන් රටේ සමස්‌ත විදුලි පරිභෝජනය සියයට 18 කින් පමණ ඉහළ යැමත් , ජල විදුලි බලාගාරවල ජල මට්‌ටම සියයට 31 දක්‌වා පහත වැටීමත් හේතුවෙන්  ලංකාවේ විදුලි උත්පාදනය අර්බුදකාරී තත්ත්වයට පත්ව තිබේ.

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි පංකා සහ වායුසමීකරණ යන්ත්‍ර භාවිතය ඉහළ යැමත් සමග රාත්‍රී කාලයේදී පමණක් මෙගා වොට්‌ 2470 ක විදුලි ඉල්ලුමක්‌ පවතින බවත්, දිවා කාලයේදී ඒකක 38 ක්‌ව තිබූ විදුලි ඉල්ලුම ඒකක මිලියන 45 දක්‌වා සියයට 18 කින් පමණ ඉහළ ගොස්‌ ඇති බවත් පවසන විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය මේ අර්බුදකාරී අවස්‌ථාවේදී විදුලිය අරපිරිමැස්‌මෙන් භාවිත කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක්‌ කරයි.

මෙයට තාවකාලික විසදුමක් ලෙස අද (02 දා) සිට කර්මාන්ත ශාලාවල තිබෙන විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම අනිවාර්යය වන අතර ඒ සඳහා නිෂ්පාදන ඒකකයක්‌ සඳහා රුපියල් 36 ක සුවිශේෂ දීමනාවක්‌ ලබාදෙන බවත් අමාත්‍යාංශය පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu