gossiplanka alexa හලාවත හෙරොයින් කිලෝ ග්‍රෑම් 198ක් අත්අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හලාවත හෙරොයින් කිලෝ ග්‍රෑම් 198ක් අත්අඩංගුවට



හලාවත හෙරොයින් කිලෝ ග්‍රෑම් 198ක් අත්අඩංගුවට

හෙරෝයින් කිලෝ ග්‍රෑම් 198 ක් සමඟ සැකකරුවෙකුව පුත්තලම නියෝජ්‍යය පොලිස්පති කාර්යාලයේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද(11) අළුයම හලාවත - මුතුපන්තිය දූපතේදී මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කොළඹ ප්‍රදේශයේ
පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන තිබේ. මුහුදු මාර්ගය ඔස්සේ අදාළ හෙරොයින් තොගය මුතුපන්තිය දූපතට ගෙනවිත් එතැන් සිට සුඛෝපභෝගී ඩිපෙන්ඩර් වර්ගයේ රථයකින් කොළඹ දක්වා  ප්‍රවාහනය කරමින් සිට ඇති බව වැටලීම කළ නිලධාරීන් සඳහන් කරයි.

සැකකරු සහ හෙරෝයින් මත්කුඩු තොගයද, ඩිෆෙන්ඩර් රථයද හලාවත පොලීසියට බාරයට ගෙන තිබේ. පුත්තලම නියෝජ්‍යය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන අතර මෑතකදී මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය මෙය බවද පොලීසිය පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu