gossiplanka alexa මට වඩා ආරක්‍ෂාවක් මහින්දට මොකටද? - හිටපු ජනාධිපතිනී අසයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මට වඩා ආරක්‍ෂාවක් මහින්දට මොකටද? - හිටපු ජනාධිපතිනී අසයි




මට වඩා ආරක්‍ෂාවක් මහින්දට මොකටද?
- හිටපු ජනාධිපතිනී අසයි

වර්තමානයේ ශ්‍රී ලංකාවේ යුද්ධයක්‌ නොපවතින අතර, යහපත් ආරක්‌ෂක තත්ත්වයක්‌ පවතින බැවින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට තමන්ට වඩා ආරක්‌ෂාවක්‌ අවශ්‍ය වන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනය කර සිටී. එල්.ටී.ටී.ඊය තදින්ම යුද්ධ කරමින් පැවැති
2005 වකවානුවේ තමන් විශ්‍රාම ගන්නා විට තිබූ තර්ජන පවා නොසලකා හැර තමන්ට හිමි ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කළ මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව පිළිබඳ අද ඒකාබද්ධ විපක්ෂය කරන ප්‍රකාශ පිළිබඳ තමන් අවධාරණයෙන් පසුවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසයි.

තමන් විශ්‍රාම ගැනීමෙන් පසු මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු වගකීම් දැරූ බවත් එදා ඔවුන් තම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස නියෝග දුන් බවත් ඒ අනුව ආරක්ෂක නිලධාරීන් අවි ආයුධ, වාහන සියල්ලක්ම ඉවත්කර තමන්ට කිසිදු ආරක්ෂාවක් ලබා නොදුන් බවත් මාස දෙකකින් පසු පසුව විවිධ රටවල් සහ විවිධ පාර්ශ්වයන් සිදුකළ බලපෑම්වලින් පසු සුළු ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර තිබුණු බවත් එම නිවේදනයේ සඳහන්ය.

එම ක්‍රියාදාමයට එජාප ඇතැම් මන්ත්‍රිවරුන්ගේ විරෝධතා මෙන්ම විදෙස් රාජ්‍යයන්වල කරුණු පැහැදිලි කිරීම් ඇතුළු බලපෑම් හේතු වෙන් රාජපක්ෂ ආණ්ඩුවට සුළු ප්‍රමාණයකින් ආරක්ෂාව ලබා දීමට සිදු වූ බවත් සඳහන් වේ.
එහි මෙසේද සඳහන් වෙනවා,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට තහනම් කර තිබුණා චන්ද්‍රිකා සම්බන්ධයෙන් කතා කිරීමට පෙනී සිටීමට. ආරක්ෂක නිලධාරීන් හතලිහක් සහ හොඳ තත්ත්වයේ නැති වාහන පහක් ලබාදීල තිබුණා. මම බොහොම උපේක්ෂාවෙන් බලාගෙන සිටිනවා මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කළැයි කියා ඒකාබද්ධ විපක්ෂය කරන ප්‍රකාශ පිළිබඳව. මහින්ද රාජපක්ෂට විශේෂයෙන් මතක් කළ යුතුයි එදා හිටපු ජනාධිපතිවරයකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහු කටයුතු කළ ආකාරය පිළිබඳව.

2005දී මම විශ්‍රාම ගන්නා අවස්ථාවේ යුද්ධය තදින්ම පැවැතියා. එල්. ටී. ටී. ඊ සංවිධානය කීප විටක්ම ප්‍රකාශ කර තිබුණා මාව ඝාතනය කරන බවට. යාපනය අර්ධද්වීපය මුදා ගැනීම, එල්. ටී. ටී. ඊය යම් ප්‍රදේශයකට සීමා කිරීම ඊට හේතු වුණා. ආරක්ෂක මණ්ඩලයේ විශේෂ කමිටුවක් මගේ ආරක්ෂාව පිළිබඳ අධ්‍යයනය කර ප්‍රකාශ කර සිටියේ මට වාහන, අවි ආයුධ සහිතව තුන්සියයක ආරක්ෂක කණ්ඩයක් අවශ්‍ය බව. රජයේ මුදල් හැකිතාක් අඩු කිරීමේ මගේ ප්‍රතිපත්තිය යටතේ මම එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක නිළධාරීන් එකසිය පනහක් සහ වාහන දහයක් ඇති බව ප්‍රකාශ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu