gossiplanka alexa මැයි දින සැමරුමට ජනගංගාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැයි දින සැමරුමට ජනගංගාවක්

බලය පෙන්වීමේ සටනක්‌ බවට පත්කරගනිමින් මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂ  ඊයේ (01 වැනිදා) ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් පවත්වනු ලැබූ මැයි දින රැලිවලට විශාල ජනගංගාවක් පැමිණ සිටිනු දැකගතහැකි විය.

ශ්‍රී  ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැයි දින රැලිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඊට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරන වත්මන් රජයේ ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයෝ විශාල පිරිසක්‌ද සහභාගි වූහ.

එමෙන්ම  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ මැයි දින රැලිය කොළඹ කැම්බල් පිටියේදී පැවැති අතර ඊට එක්‌සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්‌ෂ නායකයන් එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන වත්මන් රජයේ ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයෝ විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැලිය ගාලුමුවදොර පිටියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.එම රැලිය සඳහා පැමිණි පාක්‍ෂිකයන්ගෙන් ගෝල්ෆේස් පිටිය එකම ජනගගක් බවට පත්විය.

තවද කොළඹ බී. ආර්. සී ක්‍රීඩාපිටියේ පැවති  ජනතා විමුක්‌ති පෙරමුණේ මැයි දින රැලිය  පක්‍ෂනායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්‍ෂයේ සෙසු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.ජවිපෙ මැයි දින පෙළපාලිය දෙහිවල එස්‌. ද එස්‌. ජයසිංහ ක්‍රීඩාපිටිය අසලින් ගමන් ආරම්භ කරන ලදී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu