gossiplanka alexa සිරිකොතේ රැස්වීමෙන් අද එජාපයේ ප්‍රබල වෙනස්කම් රැසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිරිකොතේ රැස්වීමෙන් අද එජාපයේ ප්‍රබල වෙනස්කම් රැසක්




සිරිකොතේ රැස්වීමෙන් අද
එජාපයේ ප්‍රබල වෙනස්කම් රැසක්

ප්‍රබල වෙනස්කම් රැසක් සමගින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 10.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වී ඇත. මෙහිදී පක්ෂයේ ඉහළ තනතුරු රැසක
වෙනස්වීම් සිදු කෙරෙනු ඇති බවත් මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නව පත්වීම් කිහිපයක්ද කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවට පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
මෙම අවස්ථාවේදී ඉදිරි ක්‍රියාමාර්ග සහ තීන්දු තීරණ රැසක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඉදිරියේ පැවැත්වෙන උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් ඡන්ද ව්‍යාපාරය සහ පළාත් පාලන ඡන්දය මෙහෙයවීමේ කටයුතු පක්ෂයේ නව තනතුරු ලැබූවන්ට භාරදීමට නියමිතය.

සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක හා කබිර් හෂීම් යන මහත්වරුන්ට නියෝජ්‍ය නායක ධුර තුනක් ලබාදීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.
එමෙන්ම උපනායක ධුර තුනක් පිරිනැමෙන අතර ඒවා රංජිත් මද්දුමබණ්ඩාර හා පී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන්ටත් එජාපයට එක්වූ ප්‍රාදෙශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාටත් පිරිනැමීමට නියමිතය.
පක්ෂ මහ ‍ලේකම් ධුර සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාත් නියෝජ්‍ය මහ ‍ලේකම් ධුරය සඳහා හරින් ප්‍රනාන්දු මහතාත් නිර්දේශ වී ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂ තරුණ සංවිධානය වන ජාතික යොවුන් පෙරමුණේ හා ලක් වනිතා සංවිධානයේ සභාපති ධුර ඉදිරි වර්ෂය සඳහාත් එලෙසම පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නිමල කොඩිතුවක්කු
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu