gossiplanka alexa මහින්දට මෙවර කිසිදු සමාවක් නෑ - ඇමැති දුමින්ද දිසානායක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහින්දට මෙවර කිසිදු සමාවක් නෑ - ඇමැති දුමින්ද දිසානායක


මහින්දට මෙවර කිසිදු සමාවක් නෑ - ඇමැති දුමින්ද දිසානායක 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන්  මධ්‍යම කාරක සභා තීන්දුව කඩකරමින් ගෝල්ෆේස්‌ පිටියේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ මැයි දින රැලියට සහභාගි වුවහොත් පක්‌ෂ ව්‍යවස්‌ථාව මගින් පැවරී ඇති බලතල අනුව ඔවුන්ට එරෙහිව දැඩි තීන්දුවක්‌ ගන්නා බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මහා ලේකම්
ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

මැයි දිනය අවසන් වූ වහාම මෙම තීන්දුව ගැනීම සඳහා ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්‌කරන බවද, විනය පරීක්‌ෂණයක්‌ පවත්වන අතර පක්‌ෂයේ විනය කඩ කරන ඕනෑම කෙනෙකු පක්‌ෂයෙන් නෙරපීමේ බලය මධ්‍යම කාරක සභාව සතු වන බව ද එම මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැයි දින රැලියට මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයට රැස්  වන ලෙස පක්‌ෂය නියෝජනය කරන සියලු දෙනාටම දැනුම් දී තිබියදීත්  එම තීන්දුව කඩ කරන්න යම් මන්ත්‍රීවරුන්   හෝ ක්‍රියාකාරිකයෙක්‌ වේ  නම් ඔවුන් සම්බන්ධව පක්‌ෂයේ විනය නීති රීතිවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාව තීන්දුවක්‌ ගෙන තිබෙන බව ද පැවසූහ.

මහින්ද රාජපක්‌ෂ මහතා හෝ වෙනත් මන්ත්‍රීවරයෙක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සංවිධානය කරන මැයි රැලියට සහභාගි නොවී වෙනත් මැයි රැලියකට සහභාගි වන්නෙ නම් මෙවර ඒ කිසිදු සමාව නොලැබෙන බව එම මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu