gossiplanka alexa ගුරුවරුන් එකතු වෙලා සිසුවෙකුගේ කන කපලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගුරුවරුන් එකතු වෙලා සිසුවෙකුගේ කන කපලා



ගුරුවරුන් එකතු වෙලා සිසුවෙකුගේ කන කපලා
වැඩි කොණ්‌ඩය කපන්න ගිහින් වෙච්ච දෙයක්

රිදීමාලියද්දේ ප්‍රසිද්ධ පාසලක සිසුවෙකුගේ ප්‍රමාණයට වඩා තිබූ කොණ්‌ඩය ගුරුවරුන් විසින් පාසල තුළදී කැපීමට ගිය අවස්ථාවකදී එම සිසුවාගේ කණ කැපී තුවාල වී තිබේ. ඉන්පසු පාසල තුළදීම සිසුවාගේ තුවාලයට ප්‍රතිකාර කර ත්‍රිරෝද රථයකින් එම සිසුවාගේ
නිවසට ගෙනගොස් ඇත.

තුවාල ලැබු සිසුවා එම පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකි. විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති හා ගුරුවරු දෙදෙනකු දහවල්ප කාලයේ පන්තියට පැමිණ එම සිසුවාව අල්ලාගෙන බලහත්කාරයෙන් කාමරයකට රැගෙන ගොස්‌ කතුරකින් කොණ්‌ඩය කපන්න උත්සහ කිරීමේදී සිසුවාගේ කොණ්‌ඩය හා කන ද කැපී ඇති බව තුවාල ලැබූ සිසුවා පවසයි.

මෙම සිද්ධිය පිළිබඳ සිසුවාගේ පියා රිදීමාලියද්ද පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර සිද්ධියට සම්බන්ධ නියෝජ්‍ය විදුහල්පති, ගුරුවරුන් හා ශිෂ්‍යයාගේ දෙමාපියන් පොලිසිය වෙත කැඳවා ඇත.

මින් ඉදිරියට මෙවැනි කරදර පාසලේ අනෙක්‌ දරුවන්ට නොකරන ලෙසත් සිද්ධිය දීර්ඝව ඉදිරියට ගෙන යායුතු නොවන බවත් පියා පොලිසිය ඉදිරියේ පවසා ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu