gossiplanka alexa උප පොලිස්‌ පරීක්‌ෂකවරයා ඝාතනය කළ බයිසිකල් බේබි වෙඩි හුවමාරුවකදී මරුට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උප පොලිස්‌ පරීක්‌ෂකවරයා ඝාතනය කළ බයිසිකල් බේබි වෙඩි හුවමාරුවකදී මරුට




උප පොලිස්‌ පරීක්‌ෂකවරයා ඝාතනය කළ
බයිසිකල් බේබි වෙඩි හුවමාරුවකදී මරුට

කුරුණෑගල ප්‍රදේශයේදී උප පොලිස්‌ පරීක්‌ෂකවරයකු වෙඩි තබා ඝාතනය කර පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පලා ගොස්‌ සිටි පාතාල නායක රත්මලාන ගොනාකෝවිල රොහා නමැත්තාගේ ප්‍රධාන ගෝලයා ඊයේ ( 27දා) පෙරවරුවේ හම්බන්තොටදී අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස්‌ නිලධාරීන්
කණ්‌ඩායමක්‌ සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස්‌ ඇත.
මෙසේ මියගොස්‌ ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි ජයලත් කණ්‌ඩම්බිගේ චමින්ද නොහොත් මාතර රොෂාන් නමැති පාතාල සාමාජිකයෙකි. මොහු "බයිසිකල් බේබි" යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වේ.

සැකකරු හමුදාවෙන් සහ විශේෂ බළකායෙන් පලා ගිය අයකු බවත් ඔහු සමඟ ගොනාකෝවිල කුඩු රොහා නමැත්තා කුරුණෑගල පොලිස්‌ වසමේ හෝටලයක (2016 නොවැම්බර් 15 දා) රැඳී සිටියදී ඔවුන් පැමිණි වාහනය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක්‌ මත පරීක්‌ෂාවට පොලිසිය ගොස්‌ සිටියදී මෙම මියගිය පුද්ගලයා විසින් පොලිස්‌ නිලධාරීන්ට වෙඩි තබා පලා ගොස්‌ තිබිණි. එහිදී කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිව සිටි දසනායක රත්න දාබරේ නමැති 59 හැවිරිදි නිලධාරියා මියගොස්‌ ඔහු සමඟ සිටි පොලිස්‌ සැරයන් උදයකාන්ත බණ්‌ඩාර සහ පොලිස්‌ රියෑදුරු තුවාල ලබා තිබිණි.

මියගිය පාතාල සාමාජිකයා සමඟ ගොනාකෝවිල රොහා නමැත්තා පොලිසියට වෙඩි තබා පලා ගොස්‌ සිටියද පසුදින බස්‌ රථයකින් පලා යමින් සිටියදී රොහා නමැත්තා අත්අඩංගුවට ගෙන මේ වන විට රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටී.

2008 පෙබරවාරි 09 වැනිදා පිටබැද්දර පොලිසිය මඟින් ජීව අත්බෝම්බයක්‌ හා රිවෝල්වරයක්‌ සමඟ මියගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන මොරවක මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇප මත සිටි අතර, ඒ පිළිබඳව ඔහුට වරෙන්තු නිකුත් කර තිබුණි. ගිනි අවියකින් වෙඩි තබා දේපළ කොල්ල කෑමක්‌ සම්බන්ධයෙන් හෙතෙම වලස්‌මුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තංගල්ල මහාධිකරණයේ නඩු පවරා විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

මෙම සැකකරු බඳගිරිය මීගහජඳුර ප්‍රදේශයේ සැරිසරන බවට පොලිසියට ලද තොරතුරක්‌ අනුව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම ප්‍රදේශයට ගොස්‌ සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්‌ථාවේ පොලිස්‌ නිලධාරීන්ට වෙඩි තබා පලා යැමට උත්සහා කර ඇත. එහිදී සැකකරු පොලිසිය සමඟ සිදු වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්‌ ඇත.

සැකකරු පොලිස්‌ නිලධාරීන්ට වෙඩි තැබීම සඳහා භාවිත කළ මිලිමීටර් 09 බ්‍රවුනින් වර්ගයේ පිස්‌තෝලය හා ජීව උණ්‌ඩ 06 ක්‌, විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක්‌ වෙඩි තැබූ ස්‌ථානයේ තිබී සොයා ගෙන ඇත.

වනගත ස්‌ථානයක්‌ වූ මෙම ප්‍රදේශයේ හේනක ගසක්‌ උඩ තනන ලද අට්‌ටාලයක තිබී සැකකරුට අයත් යෑයි සැලකෙන ගමන් බෑගයක්‌ද සොයා ගෙන ඇත. මොහු අත්අඩංගුවට ගැනීම සඳහා සහාය දක්‌වන අයකුට මුදල් ත්‍යාගයක්‌ පිරිනමන බවටද පොලිසිය කලින් නිවේදනය කර තිබුණි.

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස්‌ මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නන්දන මුණසිංහ මහතාගේ අධීක්‌ෂණයෙන් පොලිස්‌පති මාණ්‌ඩලික නියෝජ්‍ය පොලිස්‌පති රන්මල් කොඩිතුවක්‌කු යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වලාන දූෂණ මර්දන ඒකකයේ සහකාර පොලිස්‌ අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතා ඇතුළු පිරිසක්‌ විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට වැටලීම සිදු කර තිබිණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu