gossiplanka alexa සිය පවුලම අහිමි වූ කුඩා දරුවා දේහයන්ට සමුදෙන සංවේදී අවස්ථාව - (Video)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිය පවුලම අහිමි වූ කුඩා දරුවා දේහයන්ට සමුදෙන සංවේදී අවස්ථාව - (Video)




සිය පවුලම අහිමි වූ කුඩා දරුවා
දේහයන්ට සමුදෙන සංවේදී අවස්ථාව
(Video)

මම අවුරුදු කෑම පිඟානක් අරගෙන මගේ යාළුවගේ ගෙදරට ගියා. ඒ ගිහින් එද්දී ගෙවල් පැත්තෙන් කෑ ගැහිල්ලක් ඇහුණා. පස් තට්ටුවකින් ගෙවල් වැහිලා. අපේ ගේ තිබුණු තැන තිබුණේ පස් තට්ටුවක් විතරයි යැයි මීතොටමුල්ල ඛිෙදවාචකයෙන්
සිය මව, පියා, මෙන්ම සොයුරන් දෙදෙනා අහිමි වූ පසිඳු සංකල්ප පතිරණ (14) සිසුවා ඊයේ  පැවසීය.
මීතොටමුල්ල කසළ කන්දෙන් කොටසක් කඩාවැටීම නිසා මියගිය සිය මව, පියා සහ සොහොයුරන් දෙදෙනාගේ නිසල දේහයන් අසල සිට පසිඳු සිසුවා පැවසුවේ තම යහළුවාට අවුරුදු කෑම පිඟානක් ගෙන ගිය බැවින් තම දිවි බේරුණත් තම පවු‍ලේ සාමාජිකයන් සමග ගමේ බොහෝ දෙනකු තමාට අහිමි වූ බවයි.

පසිඳු සිසුවා දෙමටගොඩ වේළුවන විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන අතර මෙම ඛිෙදවාචකයෙන් පසිඳුට වාගොඩ පතිරණගේ නන්දසිරි පියා, ගයනි මේනකා (42) මව, චරක් කෞෂල්‍ය (19), සහ ඕෂද ගිම්හාන යන බාල සොයුරා අහිමි විය.
මීතොටමුල්ලේ කඩා වැටුනු කුණු කන්දට යටවීමෙන් පවුලේ අය අහිමි වූ තවත් කුඩා දරුවෙක් ඔවුන්ගේ මෘත දේහයන්වලට අවසන් ගෞරව දැක්වූ සංවේදී අවස්ථාවක වීඩියෝව පහතින් බලන්න. (2 වෙනි මිනිත්තුවේ සිට)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu