gossiplanka alexa උතුරෙන් හමුදාව ඉවත් කර ගැනීමට සුක්ෂම උත්සහයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උතුරෙන් හමුදාව ඉවත් කර ගැනීමට සුක්ෂම උත්සහයක්

උතුර නැගෙනහිර ආරක්‌ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථාන 15 කින් හමුදාව ඉවත් කරගැනීම සඳහා ද්‍රවිඩ සංධානය මගින් විරෝධතාකරුවන් ලවා උද්ඝෝෂණ මෙහෙයවීමේ රහස්‌ සැලසුමක්‌ අනාවරණය වී ඇත.

මුහුදු කොටි ත්‍රිකෝණය එනම් නන්දිකඩාල්, මට්‌ටුවාල්, තෙප්පිලාමඩු, ඉරණමඩු කොටි ගුවන් ධාවන පථය අවට කලාපය සහ උතුරේ මුහුදු කොටි කලාපය වූ මුල්ලිකුලම් යන ප්‍රධාන උපාය මාර්ගික ප්‍රදේශ වලින් හමුදාව ඉවත් කිරීම  ද්‍රවිඩ සංධානයේ අරමුණ වී තිබේ.

මේ වන විටත් කොටි ප්‍රධාන පාලන මධ්‍යස්‌ථානයක් වන කිලිනොච්චියේ පිහිටි පරම්පන්ජාන් නගරය ද මන්නාරම නගරය තුලින්  හමුදා කඳවුරු ඉවත් කිරීමට රජයට බලපෑම් කර ඇත. මෙයට අමතරව නන්දිකඩාල් ප්‍රදේශයේ පිහිටි වට්‌ටුවාල් නාවික කඳවුර සහ මුලතිව්හි තෙප්පිලාම් හමුදා කඳවුරද ඉන් ඉවත් කරගැනීම ද්‍රවිඩ සංධානයේ අරමුණ වී ඇත.

එමෙන්ම මන්නාරම මුල්ලිකුලම් නාවික කඳවුර එම ස්‌ථානයෙන් ඉවත්කර ගැනීම සඳහා මොවුන්  වතිකානුව වෙතින්ද ඉල්ලීමක්‌ කර ඇතැයි ආරංචි මාර්ග හෙළිකර තිබිණ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu