gossiplanka alexa ප්‍රධාන නගර 7ක තවත් කුණු කඳු අවදානම් 7ක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රධාන නගර 7ක තවත් කුණු කඳු අවදානම් 7ක්

ප්‍රධාන නගර 7 කම මීතොටමුල්ල කුණු කන්ද වැනි අවදානම් කුණු කඳු 7 ක්‌  නිර්මාණය වෙමින් පවතින බව මහානගර හා බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඉන් මහනුවර ගොහාගොඩ සහ ගම්පොළ ආශ්‍රිතව ගොඩගැසී ඇති කුණු කඳු ප්‍රමුඛ ස්‌ථානයක්‌ ගන්නා බව ද එසේම, මාතර, ගාල්ල, කළුතර, ගම්පහ, පෑලියගොඩ සහ කැලණිය යන ප්‍රධාන නගර තුළද එම තත්ත්වය උදාවෙමින් පවතින බව එම මහතා සඳහන් කළේය.

එම ප්‍රධාන නගර 7 හි දැනට පිහිටි කසළ රැඳවීම සහ කළමනාකරණය අදාළ ආයතන නිසි පරිදි සිදුනොකළහොත්  අනාගතයේදී යම් යම් ගැටලු ඇති විය හැකි බවද එමෙන්ම තවදුරටත් මීතොටමුල්ල කුණු කන්ද පිපිරීමේ අවදානමක්‌ නොමැති අතර කුණු කන්ද සම්බන්ධයෙන් කමිටු 3 ක්‌ පත් කර ඇතැයි ද, ඉදිරි මාස 5 ඇතුළත එම කුණු කන්ද ස්‌ථාවර කිරීම සිදුකරන බව ද ඇමැති පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu