gossiplanka alexa අවුරුදු 35ට පසු මව් සෙනෙහස සොයා ස්‌වීඩනයෙන් ලංකාවට පැමිණි තරුණයා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවුරුදු 35ට පසු මව් සෙනෙහස සොයා ස්‌වීඩනයෙන් ලංකාවට පැමිණි තරුණයා



අවුරුදු 35ට පසු මව් සෙනෙහස සොයා ස්‌වීඩනයෙන් ලංකාවට පැමිණි තරුණයා

බුලත්සිංහල ප්‍රදේශයේ දී දරුකමට හදා ගැනීමට ස්‌වීඩන් ජාතික යුවළකට දුන් සිඟිත්තා අවුරුදු තිස්‌පහකට පසු මව සොයා යළි ලංකාවට පැමිණ ඇත. තම මව සොයා බුලත්සිංහල පොලීසියට පැමිණීමෙන් පසු එම තරුණයාට සිය මව සොයාදීමට පොලීසිය සමත් වී තිබෙනවා.

මෙම තරුණයා කුඩාකල ලංකාව තුළ ජීවත්ව සිටියදී නිහාල් ලියනගේ නමින් හැඳින්වූ අතර
අද හැඳින්වෙන්නේ නික්‌ලස්‌ පීටර්සන් නමිනි. අගහිඟකම් පිරි පවුලක වයස අවුරුදු එකහමාරක්‌ පමණ වියේ පසුවෙමින් සිටි නිහාල් ස්‌වීඩන් ජාතික බො හා බ්රිට්‌ මරි නමැති යුවළට ලබාදුන් බව ඔහුගේ මව වන ගුණවතී ලියනගේ මහත්මිය පවසයි.

පියාගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ඔහුගේ මව වන ගුණවතී ලියනගේ මහත්මියට ඇතිව තිබූ දැඩි පීඩනයත්, දරිද්‍රතාවයත් හේතුවෙන් ස්‌වාමිපුරුෂයා හැර දමා ඒමට ඇය තීරණය කර ඇති බව පැවසුවාය. බුලත්සිංහල ප්‍රදේශයට පැමිණි ඒ මහත්මියට හමුවූ කාන්තාවක්‌ සහ තවත් යුවළකගේ ආධාරයෙන් තමාට නඩත්තු කර ගැනීමට නොහැකි මෙම දරුවා ස්‌විඩන් ජාතික යුවළට ලබාදීමට කටයුතු කර ඇත.එම යුවළ නීත්‍යානුකූලව මෙම දරුවාගේ අයිතිය ලබාගෙන ස්‌වීඩන් රටට ගෙන ගිය බව මව සඳහන්  කළාය.

තම භාරකාර මවුපියන්ගෙන් ලබාගත් තොරතුරු හා කුඩා කාලයේ ලංකාවෙන් යෑමට පෙර මව සමඟ සිට ලබාගත් ඡායාරූපයක්‌ද සමඟ ලංකාවට පැමිණ මව සොයා ගැනීමට පොලිසියේ සහය පතා ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලිසිය මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා එම තරුණයා සහ මව මුණගැස්‌වීමට කටයුතු කළේය. එම කාන්තාව සමඟ මල්කාන්ති නමැති නික්‌ලස්‌ තරුණයාගේ නැගණියක්‌ද පැමිණ සිටියාය. පසුව පොලිසියට තම ස්‌තුතිය ප්‍රකාශ කළ තරුණයා මව සමඟ තමා නවාතැන් ගෙන සිටින හෝටලය බලා පිටත්ව ගිය බව දැනගන්නට ලැබුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu