gossiplanka alexa පියාව නිදහස් කරන ලෙස ඉල්ලමින් විමල්ගේ දියණිය හඬා වැළපෙයි - (Video)

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පියාව නිදහස් කරන ලෙස ඉල්ලමින් විමල්ගේ දියණිය හඬා වැළපෙයි - (Video)






"එයාට අමාරුයි මට එයාව ඕනේ"
පියාව නිදහස් කරන ලෙස ඉල්ලමින් විමල්ගේ දියණිය හඬා වැළපෙයි
(VIDEO)

බන්ධනාගාරය තුළ උපාවසයක නිරත වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ් සෞඛ්‍ය තත්වය මේ වනවිට දුර්වල මට්ටමකට පත්ව ඇති බව වෛද්‍යවරුන් පවසනවා. ඊයේ (24) පස්වරුවේ මන්ත්‍රීවරයා පරීක්ෂා කළ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ අවම වශයෙන් ජලය හෝ පානය කරන ලෙසටයි. නමුත් මෙතෙක් වෛද්‍යවරුන්
මන්ත්‍රීවරයා රෝහල්ගත කළ යුතු බවට නිර්දේශයක් ලබාදී නොමැති බව ද බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කර සිටියා. ගොසිප් ලංකා අපිට වාර්තා වූ පරිදි මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සදහා ඊයේ දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස් පැමිණිය ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඔවුන් සමග කතා කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

විමල් වීරවංශ ආහාර වර්ජනය කිරීමත් සමග ඔහුගේ පුත්‍රයා සහ දියණිය ද ආහාර ලබාගැනීම ප්‍රතික්ෂේප කළා. පසුව රෝගාතුර වූ පුත්‍රයා සහ දියණිය රෝහල්ගත කෙරුණු අතර පුත්‍ විභූති පළමුව රෝහලෙන් පිටව ගියා. විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දියණිය ද බන්ධනාගාරයට පැමිණ ඊයේ දිනයේ සිය පියාගේ සුවදුක් විමසා බලා ඇති බවයි අපට වාර්තා වුණේ. ඒ අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ දියණිය විමාෂා පියාව නිදහස් කරන ලෙස ඉල්ලමින් හඬා වැළපුණා. ඒ කෙසේ වෙතත් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට ඇප ලබාදෙනවාද නැද්ද යන්න අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu