gossiplanka alexa පියා මෙන් ආහාර ගැනීම වර්ජනය කරන්න ගිහින් විමල්ගේ දියණිය රෝහලේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පියා මෙන් ආහාර ගැනීම වර්ජනය කරන්න ගිහින් විමල්ගේ දියණිය රෝහලේ



පියා මෙන් ආහාර ගැනීම වර්ජනය කරන්න ගිහින්
විමල්ගේ දියණිය රෝහලේ

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා උපවාසයක නිරත වීම අනුකරණය කිරීමට ගොස් ඔහුගේ පුත් විභූති වීරවංශ හා දියණිය විමාෂා විෂ්වාදරී වීරවංශ දරුවන් දෙදෙනා අසනීප වී රෝහල්ගත කර තිබේ. රාගම ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරන ලද දරු දෙදෙනාගෙන් පුත් විභූති
ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර දියණිය වැඩි දුර ප‍්‍රතිකාර සදහා කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට මාරු කර යවා ඇත.
(22) උදෑසන සිට පියා වැලිකඩ බන්ධනාගාරයේදී  උපවාසයක් අරඹන බව දැනගත් මොහොතේ සිට වීරවංශ දියණිය දැඩි කනස්සල්ලෙන් සිට ඇති අතර ඇය පියාගෙන් ඉල්ලා ඇත්තේ උපවාසයේ නොයෙදෙන ලෙසයි. විමාෂා දියණිය පියාගෙන් එම ඉල්ලීම කර ඇත්තේ ඇය සහ පවුලේ ඥතීන් (21දා) පාර්ලිමේන්තු ආපනශාලාවේදී වීරවංශ මහතා හමුවූ අවස්ථාවේදීය. දියණියගේ මෙම ඉල්ලීමට විමල් වීරවංශ මහතා ප‍්‍රතිචාර දක්වා ඇත්තේ ඇයගේ හිස අත ගෑමෙනි.

කෙසේවෙතත් මැගසින් බන්ධනාගාරයේ "ඊ වාට්‌ටුවේ" උපවාසයේ නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ආහාර නොගෙන දැඩි ලෙස රෝගාතුර වුවහොත් ඔහුව බන්ධනාගාර රෝහලට රැගෙන යන බවත් පෙරේදා (22 වැනිදා) පෙරවරුවේ සිට ආහාර හා ජලය ලබාගැනීම වැළකී සිටීම හේතුවෙන් වෛද්‍යවරුන් විසින් පැය 04 කට වරක්‌ ඔහු පරීක්‍ෂා කරන බවත් බන්ධනාගාර මූලස්‌ථාන නිලධාරියෙක්‌ ඊයේ (23) පැවැසීය.

ජලය හා ආහාර නොගැනීමෙන් වීරවංශ මහතා රෝගී තත්ත්වයට පත්වන බව පෙනී යන බවත් වෛද්‍යවරුන් විසින් ඔහුගේ තත්ත්වය පරීක්‍ෂා කර රෝහල් ගත කිරීමට නිර්දේශ කළහොත් බලහත්කාරයෙන් හෝ ඒ මහතා බන්ධනාගාර රෝහලට රැගෙන යැමට සිදුවන බවත් එම නිලධාරියා තවදුරටත් පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu