gossiplanka alexa විමල් වීරවංශ මහතා සිර මැදිරියේ සිට අඛණ්‌ඩ උපවාසයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විමල් වීරවංශ මහතා සිර මැදිරියේ සිට අඛණ්‌ඩ උපවාසයක



විමල් වීරවංශ මහතා සිර මැදිරියේ සිට අඛණ්‌ඩ උපවාසයක  

ඊයේ දිනය තුළ ලබාගෙන ඇත්තේ ජලය පමණයි

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තමන් හට ඇප ලබා නොදීම හේතුවෙන් සිය විරෝධය පළ කරමින් ඊයේ (22) දින සිට අඛණ්‌ඩ උපවාසයක්‌ ආරම්භ කර තියෙනවා.

මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ ඊයේ පෙරවරුවේ ද වන අතර මන්ත්‍රීවරයා
රඳවා සිටින සිරමැදිරියේ සිට උපවාසය ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මන්ත්‍රීවරයා සිය සිරමැදිරිය තුළ වැතිරී මෙසේ උපවාසයේ නිරතව සිටින අතර ඊයේ පෙරවරුවේ සිට ඔහු කිසිදු ආහාරයක්‌ ලබා නොගත් බව හා ඔහු ඊයේ දිනය තුළ ලබාගෙන ගත්තේ ජලය පමණක්‌ බවද බන්ධනාගාර ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.

විමල් වීරවංශ මහතාගේ නීතිඥයන් එතුමන් හට ඇප ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට ගොනු කර තිබූ ප්‍රතිශෝධන ඇප අයෑදුමද පසුගිය 21දා ප්‍රතික්‍ෂෙප කල බවද දැනගන්නට ලැබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කර දැනට මාස දෙකකට අධික කාලයක්‌ ගතවී ඇති අතර තමන් හට ඇප ඉල්ලා ගොනු කළ ඇප අයෑදුම ප්‍රතික්‍ෂේප වීමත් සමඟ එතුමන් මෙම උපවාසය ආරම්භ කල බව ආරංචි මාර්ග පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu