Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisements

Loading...

Latest NEWS

Advertisements

Loading...

T R E N D I N G

Contact Gossip Editor

Loading...





ජර්මානු විද්‍යාඥයන් පිරිසකගෙන් ලොව විශාලතම
කෘතීම සූර්යයා නිපදවීමේ ව්‍යාපෘතියක්
(Video & Photos)

ජර්මානු විද්‍යාඥයන් පිරිසක් විසින් ලොව විශාලතම කෘතීම සූර්යයා නිපදවීමේ විශාල ව්‍යාපෘතියක් සිදු කරගෙන යනු ලබයි. ඒ කාලගුණ හිතකර ඉන්ධන නිපදවීම සඳහායි. මෙම සුවිසල් සැකැස්මෙහි සිනමා රූපණය සඳහා යොදාගන්නා spotlights 149ක් ශක්තිය

කුඩා පැනලයන් වෙත යොමුකරගැනීමට භාවිතා කරයි.
මෙම අඟල් 8×8 spotlights මගින් උෂ්ණත්වය 3,000°C (5,432°F) දක්වා ගෙන යාමට හැකියි. මෙම පරීක්ෂකයන් කණ්ඩායම එහි ජලය අංශුන් වලට විභේදනය කර මෙම නිපදවෙන ශක්තිය මගින් පිරිසිදු හයිඩ්‍රජන් ඉන්ධනය නිපදවීම සිදු කරනවා.

මෙම පරීක්ෂණය සඳහා පැය 4ක කාලයක් තුල විදුලිය සැපයීම අවශ්‍ය වන අතර එම සපයන විදුලිය ප්‍රමාණය මිනිසුන් 4 දෙනෙක් විසින් වසරක් පුරා භාවිතා කරන විදුලි ප්‍රමාණයට සමාන වේ.

ලොව විශාලතම කෘතීම සුර්යාගෙන් ලැබෙන ප්‍රයෝජන කවර ආකාරයද?

මෙය නිපදවීමේ එක් අරමුණක් වන්නේ ගුවන්යානා සඳහා කෘතිමව ඉන්ධන ලබාගැනීමට කාර්යක්ෂම ලෙස හයිඩ්‍රජන් නිපදවාගැනීමයි. හයිඩ්‍රජන් යනු විශ්වාසදායකව අනාගතයේදී ගුවන්යානා සඳහා යොදාගත හැකි ඉන්ධනයක් වන්නේ එමගින් ගෝලීය උණුසුමට දායක වන කිසිදු ද්‍රව්‍යක් පිට නොකරන බැවිනි. නමුත් හයිඩ්‍රජන් එහි ස්වභාවික ආකාරයෙන්ම නොපවතී. එම නිසා එය විශාල ශක්තින් උපයෝගී කරගනිමින් ජලය මගින් විභේදනය කල යුතුයි.

ඔවුන් විශ්වාස කරන පරිදි අනාගතයේදී එලෙස යොදාගත හැකි පහසුම හා ලාභදායීම ශක්තිය වන්නේ සූර්යශක්තියයි. ඔවුන් විසින් කෙටි චාප සහිත ශේනොන් ලාම්පු විශාල ප්‍රමාණයක් (8×8 inch)spot එකක් මතට යොමු කෙරිණි. එය ඊට සමාන ප්‍රමාණයක් මත පතිත වන සාමාන්‍ය සූර්ය කිරණ ප්‍රමාණය මෙන් 10000 ගුණයක් විශාල බව වැඩි දුරටත් ඔවුන් පවසනවා.

මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු ඔබ එම පරිශ්‍රයට ඇතුළු වුවහොත් ඔබව සම්පුර්ණයෙන්ම දැවී අළු වන බව නියතය.මෙපමණ ශක්තියක් යොදාගනිමින් සිදු කරන මෙම කර්තව්‍ය ඉතාමත් සාර්ථක බවත් එමගින් ලොවටම මහගු ආයෝජනයක් සිදු කෙරෙන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.








Loading...







Gossip Lanka Magazine

Advertisements

Loading...

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collection