gossiplanka alexa Pramodhi Kaushalya Chat with Gossip Lanka

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Pramodhi Kaushalya Chat with Gossip Lanka



Miss World University 2016
රටවල් 70ක් සමඟ තරඟ කර 6 වෙනි ස්ථානය දිනාගත්
ලංකාවේ පුංචි ප්‍රමෝදි

ඉතාම අඩු වයසකින් නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි යුවතියක් තමයි ප්‍රමෝදි කියන්නේ. මෑතකදී ඇය 2016 චීනයේ පැවති Miss World University 2016 සහභාගී වී රටවල් 70ක් සමඟ තරඟ කර 6 වෙනි ස්ථානය ලබාගෙන තිබුණු අතර ඇයගේ විවිධ විලාසිතාවල ඡායාරුප නිසාම අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත් වුණා. පහතින් දැක්වෙන්නේ ඇය Gossip Lanka සමඟ දැක්වූ කතා බහයි.

කවුද මේ ප්‍රමෝදි කියන්නේ?
අධ්‍යාපනය හදාරන ගමන් නිරූපණ කටයුතු වල යෙදෙන නිරූපිකාවක්.

ඔබේ සම්පුර්ණ නමයි පවුලේ විස්තරයි?
මගේ නම ප්‍රමෝදි කෞශල්‍යා. ගෙදර ඉන්නේ මමයි අම්මියි, මල්ලියි.

ප්‍රමෝදි, කාටත් දැනගන්න වයස කියන්න කැමතිද?
ඔව්. මට දැන් අවුරුදු 23යි.

මේ දවස්වල ඔබ මොකද කරන්නේ?
මේ දවස්වල ටීවී කොමර්ශල්‍ වගයක් කළා. තව චිත්‍රපටයකට හා ටෙලි නාට්‍යකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් එක්කම ඔෆිස් එකේ වැඩත් කරනවා.

ඔබ ෆේස්බුක් එකේ හරි ප්‍රසිද්ධයි නේද?
ෆේස්බුක් එකේ මම ප්‍රසිද්ධයි කියලනම් හිතන්නේ නෑ.

මොකක්ද මේ මිස් වර්ල්ඩ් තරඟය?
එකේ නම Miss Sri Lanka for Miss World University 2016. මේක චීනයේ තිබුනේ. මේ තරඟයට රටවල් 70කින් සහභාගී වුනා. එකේදී මට 6 වෙනි ස්ථානය ලැබුනා.

ඔබ ලස්සන නිසා ආඩම්බරද?
මම ආඩම්බර නෑ. මම ඕන කෙනෙක් එක්ක යාලු වෙනවා. ගොඩක් කට්ටිය කියනවා මම ආඩම්බරයි කියලා. ඒ හැබැයි මම ගැන දන්නේ නැති අය. මාත් එක්ක ලඟින් ඉන්න අය දන්නවා මම ආඩම්බර නෑ කියලා.

ඇයි ඔයාට ජම්බු අලේ කියන්නේ?
ඒ නම හැදුනේ බිග් හර්ෂගේ ජම්බු අලේ මියුසික් වීඩියෝවේ හිටියේ මම. එකෙන් පස්සේ මට ජම්බු අලේ නම වැටුනා.

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන ඔබ මොකද කියන්නේ?
ලංකාවේ මොඩ්ලින් වලට තැන අඩුයි. මොඩ්ල් කෙනෙක් වුනහම ලස්සන විතරක් තිබිලා මදි. ඉගෙන ගෙනත් ඉන්න ඕන. Photoshoot එකක් දෙකක් කල පලියට මොඩ්ල් කෙනෙක් වෙන්න බෑ.

ඉස්සරහට මොකද කරන්න හිතන්නේ?
ඉස්සරහට මගේ බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ.

ආදරේ ගැන ඔබ මොකද හිතන්නේ?
ආදරේ ඉතින් හැමෝටම ඕන දෙයක්.

ප්‍රේමවන්තයෙක් ඉන්නවද?
තාම නෑ. ගෙදරින් හොයල දෙන කෙනෙක් Marry කරනවා.

ඔබ ඉන්න තැන ගැන මොකද හිතන්නේ?
මම දැන් ඉන්න තැන ගැන සතුටු වෙන්න පුළුවන්. මොකද මම මේ තැනට ආවේ තනියම මහන්සි වෙලා. මේ ආපු ගමන මට සතුටු වෙන්න පුළුවන්.

අවසාන වශයෙන් ඔබට මොකක්ද කියන්න තියෙන්නේ?
මේ අවස්ථාවේදී මට උදව් කරපු අයව නම් වශයෙන් කියන්න බැරි උනත් මේ දක්වා මට අත හිත දුන් සියලු දෙනාවමත් ඒ වගේම ගොසිප් චැට් එකට එකතු කරගත්ත අයියවත්, Gossip Lanka Team එකටත් ස්තුති කරනවා.














ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu