gossiplanka alexa ලංකාවේ වඳුරෙක්ට එරෙහිව පොලීසි ගිය බ්‍රිතාන්‍ය තරුණිය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවේ වඳුරෙක්ට එරෙහිව පොලීසි ගිය බ්‍රිතාන්‍ය තරුණිය

අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිණියන් ලෙස පුහුණුව ලබන බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාවක් වඳුරෙකුට එරෙහිව අනුරාධපුර සංචාරක පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

ඒ තම ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව පවසමින්ය. රුපියල් 50000ක් පමණ වටිනා තම ජංගම දුරකථනය රැගෙන වඳුරා පලා ගියබව සිදුකල පැමිණිල්ලේ සදහන් වෙයි.

වඳුරා බිය ගන්වා දුරකථනය බේරා ගැනීමට උත්සහ කලත් දුරකථනය රැගෙන වඳුරා ගසින් ගසට පැන පළාගොස් ගිය බවද සඳහන් වෙයි.

වඳුරා රැගෙන ගිය දුරකථනය නැවත තමාට ලබාදෙන ලෙස මෙම තරුණිය පොලිසියෙන් ඉල්ලා ඇතත් තවමත් ඇගේ ජංගම දුරකථනය හෝ එය පැහැරගත් වඳුරා හමුවී නොමැති බව පොලිසිය පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu